Monday, September 08, 2025
Follow Us
ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට යෝජනා කිහිපයක්ම

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 ඒ අනුව, 2024 තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට යෝජනා කර තිබෙන අතර  බස්නාහිර පළාත තුළ ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙනු ඇත. 

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කටයුතු ජනවාරියේ සිට ආරම්භ කෙරෙන අතර  සඳහා ලෝක බැංකු ආධාර. ඊට අදාළ ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කෙරේ.

මිහින්තලය දුම්රිය ස්ථානය ආශ්‍රිතව විසල් නගරයක්. එහි කටයුතු පෞද්ගලික අංශය හා එක්ව සැලසුම් කරන අතර සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කෙරේ.

පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි මහනගර සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක සහයෙන් ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර බිහිකිරීම.

 එමෙන්ම පින්නවල - නිකුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරන බව ද ජනපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.