Monday, June 24, 2024
Follow Us
පාස්කු නඩුවේ මා ගැන තීන්දුව යළි විම­සන්න- මෛත්‍රී උසා­වි­යෙන් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මගින් මේ වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු සහ පුද්ගලයන් අනාවරණය කර තිබීම සහ එම තොරතුරු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබීම මත මේ ඉල්ලීම කරන ලදි.

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ගොනු කළ මෝසම් කිහිපයක් සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම ඉල්ලීම කළේය. බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවන ලදී.

-Dinamina