Monday, January 05, 2026
Follow Us
බැංකු කෙටුම්පනත් දෙකකට කථානායක සහතිකය සටහන් කරයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම පසුගිය ජූලි 20 සිදු විය.


බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම පසුගිය ජූලි 21 සිදු විය.
ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වේ.