Monday, June 24, 2024
Follow Us
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් 700ක් පාර්ලිමේන්තුවට

කුලියාපිටිය මධ්ය මහා විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් පසුගියදා(13) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.


මෙහි දී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය මගින් එම දරුවන් ඇතුළු ගුරුවරු පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට කටයුතු කරන ලදී.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න, සහකාර වේත්‍රධාරි එන්. අචින්ත එස්. කුරේ යන මහත්වරු සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.