Friday, October 18, 2024
Follow Us
විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින රථයක් ගන්න කැබිනට් පත්‍රිකාවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවටයි වාර්තා වුණේ.



මේ අතර මාර්ග වසා දමා මැති ඇමතිවරුන් ගමන් කරන බවට විපක්ෂය විවේචන සිදු කළද විපක්ෂ නායකවරයාගේ නිල නිවස පිහිටා ඇති කොළඹ 07 විජේරාම මාවත වසා තැබීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයේදී අදහස් පළ කර තිබෙනවා.

විජේරාම මාවතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද පිහිටා ඇති බැවින් එහි පැමිණෙන පිරිස් ද අසීරුතාවන්ට ලක්වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විදෙස් රටවල් පනවා ඇති සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින්නේ කෙසේදැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වුණා.

(Neth)