ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුන්නද මින් ඉදිරියට ඔහුගේ දේශපාලන රැළිවලට සහභාගි නොවන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව බිම් මට්ටමේ ශ්‍රීලනිප සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් වෙන වෙනම රැස්වීම් තැබීම ඇතුළු ප්රචාරක උපක්‍රම භාවිතා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළයුතු බවයි ශ්‍රීලනිපයේ තීරණය වී තිබෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවස්ථ කිහිපයකදී පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ හූ හඬට හා උසුළු විසුළුවලට මුහුණදීමට සිදු විය. වෙනම රැස්වීම් තැබීම සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ මෙම තත්වයයි.
මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අද මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර ඇයගේ පැමිණීමෙන් පසු ශ්රීලනිපය තුළ සැළකිය යුතු වෙනස්කම් සිදුවීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ඒ අනුව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතු මහජන නියෝජිතයන් හා පාක්ෂිකයන් රැසක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය පළකිරිමට ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.
(LNW)