Tuesday, November 04, 2025
Follow Us
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අද

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර පෙ.ව. 09.30 ට විදේශ විනිමය පනත යටතේ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කිරීමටත් ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමටත් නියමිතයි.

අනතුරුව, පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව, ප.ව. 4.30 සිට ප.ව. 7.30 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.