ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) පස්වරුවේ කොළඹ දී අයුරින් පැවැත්විණි.
"එක්වෙමු වෙනසකට" යන්න තේමා කර ගනිමින් පැවති සමුළුවට දිවයිනේ නන්දෙසින් විවිධ ජන කොටස් නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
53 හර්තාලයේ ක්‍රියාකාරිනියක් ලෙස සටනට එක්වූ එවකට ගර්භනී මවක වූ දැනට 83 වන වියේ පසුවන නන්දාවති සොයිසා මහත්මියට උපහාර තිළිණයක් පිරිනැමීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ද සිය සුභපැතුම් පණිවුඩය සුමුලුව මෙත යොමු කර තිබුණි. නිදහස ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහත්වරුන්ද සුභපැතුම් පණිවුඩ යොමු කර තිබිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අගලියවන්න, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් ද පක්ෂ නායකයන් ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයන්, විද්වතුන්, තානාපතිවරුන්, මහත්ම මහත්මීන් රැසක් මීට එක්ව සිටියහ.