මේ රජයට උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගන්න බැරි වුණාට ගුණාත්මක භාවයෙන් බාල බිත්තර ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ නම් නතර නොවී ඇති බවත් මේ බංකොලොත් රටේ පවා ගුණාත්මක භාවයෙන් පහළ, කල් ඉකුත් වූ විදේශ බිත්තර අඩු මුදලකට ගෙන්වා වැඩි මිලකට රටට දී මහා බිත්තර ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජනතාව පවසන බවත් මීට සම්බන්ධ කවුරුන්ද කියා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පසුගියදා රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සමඟ සිදු කළ සාකච්ඡාවක් අතරතුරදීය.
මෙය බරපතළ සමාජීය කාරණාවක් බැවින් අදාළ වගකිව යුතු පාර්ශ්ව ජනතාවට පිළිතුරක් දිය යුතු බවත් මෙය රාජ්‍ය ප්‍රතිත්තියක්ද කියා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ මොහොත වන විට අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් 30,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත්, ඒ අතර බහුතරයක් කලා උපාධිධාරීන් බවත්, මොවුන්ගේ මේ රැකියා ප්‍රශ්නයට හරියාකාර තිරසර විසඳුමක් දෙන්න රජය අපොහොසත් වී ඇති බවත්, රට බංකොලොත් වී ඇති නිසා රැකියා දෙන්න බැහැ කියන එක උපාධිධාරීන්ට දිය යුතු සුදුසු පිළිතුර නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
-Dinamina