රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර අරයට මෙයාට බනිමින් සිට රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට හදන්න සියලුදෙනාම එකතු නොවුනොත් හැමදාමත් ලෝකය හමුවේ සිඟමන් යදින ජාතියක් බවට පත් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
සියලු දෙනාම එකඟ වන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවද විපක්ෂය තම වගකීම පැහැර හරිද්දී රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු රට බාරගත් බවද අබෙිවර්ධන මහතා පැවසීය.
එජාප සංවත්සර සම්මේලනය පිළිබඳ පක්ෂ සංවිධායකවරුන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
Lankadeepa