නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම ලබන මස 01 දා දක්වා කල් යන බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
එහි කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවද අනෙක් ප්‍රධාන අපේක්ෂකයන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව මෙම මස 21 වැනිදාට සිදු කිරීමට යෝජනා වී තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම කල් යන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු භාරව සිටින තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(Lanka Leads)