සජිත් ප්‍රේමදාස මහතා වසර ගණනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයාව සිටියත් විදුලි බලය නැතිව එහි ජනතාව වසර ගණනාවක් ගැටලුවකට මුහුණ පා ඇතැයි එජාපයේ හේවහැට ආසන සංවිධායක, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (08) පැවැති මාධ්‍ය හමුවේදී කෝන්ගහගේ මහත්මිය මේ බව සඳහන් කළාය. එහිදී ඇය මෙසේ ද කීවාය. අප නියඟයකට මුහුණ දෙමින් ඉන්නවා. නියඟය කියන්නේ ස්වභාවික ව්‍යසනයක්. කැබිනට් තීරණයකට අනුව සමනලවැව ජලාශයෙන් ක්‍රමානුකූලව ජලය මුදා හැරීම ගැන තීරණයකට එළැඹ තිබෙනවා.
ඒ වගේම අධ්‍යාපන, සංචාරක, සෞඛ්‍යය සහ කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල කටයුතු ප්‍රශ්න මධ්‍යයේ වුවත් නිවැරැදිව කළමනාකරණය කර ගනිමින් කරගෙන යනවා.
දකුණු පළාතට ජල විදුලිය සැපයීමට භාවිතා කරන මූලාශ්‍රය සමනලවැව ජලාශයයි.