Tuesday, November 04, 2025
Follow Us
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ ( 08) සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 19 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින පැවැත්විණි.
මේ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ලෙස මෙම පනත් කෙටුම්පත මෙම වසරේ අගෝස්තු 08 සිට බලාත්මක වේ.