ගොවීන්ට වන්දි දීමෙන් පමණක් ඔවුන්ට සිදුවෙන හානිය අවසන් කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
උඩවලවේ ජලාශය යටතේ ඇති කුඹුරු අක්කර 65,000ක් මේ වනවිට නියඟය නිසා ඇති වී තිබෙන ජල හිඟයෙන් විනාශව යාමේ අවධානමක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද දිනය තුළ හෝ වැස්සක් වැටුනහොත් හෝ සමනලවැවෙන් එක වතුර මුරයක් හෝ දුන්නොත් හානියට පත්වෙමින් තිබෙන ගොයම්වලින් යම් ප්‍රමාණයක් හෝ බේරා ගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යරවයා වගා හානිවන ගොවීන්ට උපරිම වන්දියක් ලබා දීමට තමා කැප වන බව ද සඳහන් කළේය.
ඒ වගේම මෙම වගා හානිය වන්දි දීමක් මගින් අවසන් කළ හැකි යැයි තමා පිළි නොගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.