නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජන රැළියක් ඊයේ තඹුත්තේගම ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා පිටරටින් ආහාර ගෙන්වීම වෙනුවට රට ආහාර ද්‍රව්‍යවලින් ස්වංපෝෂිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
වී කිලෝවක් සඳහා වී ගොවියාට රුපියල් 50 ක සහතික මිලක් ලබාදෙන බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එය කටවචනයට පමණක් සීමා නොකර පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීම හරහා ලබාදෙන බවත්, එය අනාගතයේ කිසිදු ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි ආකාරයෙන් සම්මත කර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයට අනුව රුපියල් 50 සහතික මිල ඉදිරියේදී පත්වන කිසිදු ආණ්ඩුවකට වෙනස් කළ නොහැකිය. එසේ වුවහොත් දශක ගණනාවක් ගියද වී ගොවියා තම අස්වැන්න විකිණිය යුතු උපරිම මිල රුපියල් 50 කි.
සජිත්ගේ ගැලරිය පිනවන කතා අවසන් වන්නේ එක්කෝ ගොබ්බ කතාවකිනි. එසේත් නැත්තනම් ලෝක විහිළුවකිනි.
රුපියල් 50 සහතික මිල ඉදිරියේදී කිසිදු ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි යැයි පැවසීම ඔහුට සිදු වූ වැරදීමක් නම් එය එතරම් ගැටලුවක් නොමැත. එහෙත් ඔහු එම ප්‍රකාශය සිදු කරන්නේ දැනුවත්ව නම් ගොවියන්ට අබ සරණය.
(LNW)