Tuesday, November 04, 2025
Follow Us
ඊළඟ ජනාධිපතිවරණයට සජිත් එන්නේ නෑ

සමඟි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පී හැරිසන් මහතා පවසයි.

ඔහුට විශාල ඡන්ද මේනියාවක් ඇති බව කියා සිටි ඒ මහතා ජනාධිපතිවරණයට ලෑස්ති වෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට කිසිවකුත් නැති බවත් කියා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් මේ බව කියා සිටි ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හැප්පෙන්නට නොහැකි බවත් ඔහු කිසිදාක රටේ වගකීම් භාර ගැනීමට සූදානම් නැති බවත් කීවේය.
මේ අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාසි සහගත තීන්දු තීරණ නොගන්නා බව කියා සිටියේය. අමාරු කථා පවත්වමින් සිහින මවමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට ඇතැමුන් කටයුතු කළ බවත් කියා සිටියේය.
එම අවස්ථාවට එක් වූ ඒ මහතා මෙසේද පැවැසීය.
කවුද ඉන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ඡන්දය ඉල්ලන්න. කතා කියන සිහින මවන බිල්ලෝ මවන අය වගකීමක් දුන්නට කරන්නේ නැහැ. පාසලකට බස් එකක් දීපු පලියට ඡන්ද ගන්න බැහැ. මේ අය එකතු වී එක්සත් ජාතික පක්ෂය විනාශ කළා. කියපු කිසිවක් සිදු කළේ නැහැ. වැටුණු රට නැගිටුවන්නට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීම ජනාධිපතිවරයා ගෙන යන සංවර්ධන කටයුතුවලට සහාය ලබා දීමයි.
එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත චරිතය වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ රවී කරුණානායක මහතා විනාශ කිරීමට කටයුතු කළද දැන් එය අනිත් පැත්තට කැරකී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ අස්ථාවට එක් වූ ඇමැතිවරුන් වන හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් පළ කළ අතර පළාත් සභා ප්‍රාදේශීය සභා නගර සභා හිටපු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

-Dinamina