තමන් බලයට පැමිණි පසු මේ රටේ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොදුවක් ලබා දුන්නේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) රඹුක්කන ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.
"අපි අද ඉදිරිපත් වෙලා තියෙන්නෙ එදා නැවතුණු සංවර්ධනය ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට පැහැදිලි වැඩපිළිවෙලක් එක්ක වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක තමයි අපි තමුන්නාන්සෙලා ඉදිරියට ඇවිල්ලා බලය ඉල්ලන්නෙ.
දූෂණය සහ නාස්තිය .... නිදහසෙන් පස්සේ ඇතිවුණු සෑම රජයකට වගේම දූෂණය පිළිබඳ චෝදනා ලැබුණා, නමුත් මේ රජය තරම් දූෂණයට ලක්වුණු වෙන කිසිම රජයක් ඉතිහාසයේ තිබුණෙ නෑ. මහා පරිමාණයේ දූෂණ. ව්‍යාපෘති කිසිවක් නෑ, දූෂණය ඉහළටම ගිහින්. අපි මේ දූෂණය අවසන් කරනවා. මොනම තලයක වුණත් ... දේශපාලන අංශයේ වේවා, නිලධාරී අංශයේ වේවා ජනතාවට පීඩාකාරී දූෂණය අපි නතර කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)