Tuesday, November 04, 2025
Follow Us
රටට අවශ්‍ය වෙනස්කම් කළහැකි හොඳම නායකයා තමයි ජනපති පුටුවේ ඉන්නේ

වැටී තිබුණු රට ඉතා අසීරුවෙන් පීලි ගත කර ඉදිරියට ගෙන යෑමට ජනපතිවරයා උත්සාහ කරද්දී ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වැඩපිළිවෙළ අවුල් කිරීමට උත්සාහ කරන බව එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කිසිම අධ්‍යයනයක් නොකර ඇතැම් වෘත්තීය සමිති දේශපාලන පක්ෂවල උසි ගැන්වීම මත විරෝධතා ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල සිසුන් ද කරුණු හරිහැටි නොදැන මේවාට සහාය දෙන බවත් ඒ මහතා පැවසීය.

එජාප ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමේ දී කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ රටට අවශ්‍ය දැවැන්ත වෙනස්කම් කළ හැකි හොඳම නායකයා මේ වන විට ජනපති පුටුවේ වාඩිවී සිටින බවත් රට ගැන සිතා එතුමා ගන්නා ඇතැම් තීරණ ආපසු හැරවීමට බංකොලොත් දේශපාලන පක්ෂ නියෝජිතයන් නොයෙක් ආකාරයෙන් උත්සාහ ගනිමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය කාලයේ දී එජාපයේ කොන්ටිටි එක අඩු වුණත් කොලිටි එක කිසි ලෙසකින් හෝ අඩු නොවුණු බවත් මොන තරම් කොන්ටිටි එක වැඩි වුණත් කොලිටි එක නැත්නම් ඒ පක්ෂයෙන් වැඩක් නැති බවත් එජාප උපනායකයා පැවසීය.

තවත් වසරක් යන්නට මත්තෙන් බොහෝ දුරට ජනපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් ඒ සඳහා මුහුණදීමට සියලු දෙනා එක බලවේගයක් යටතට ඒකරාශි කරගත යුතු බවත් ඒ මහතා පැවසීය.

අවුරුදු 70ක් පසුකර තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතා අනාගතය තරුණයකු ලෙස දකින නායකයෙක් යැයි ද හෙතෙම පැවසීය.

-Dinamina