පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ උත්තර සභාගයට අවස්ථාව ලබා දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.
සභාවේ කටයුතු ආරම්භයේදී නැඟී සිටිමින් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
පක්ෂ නායක රැස්වීම තුළ ගන්නා තීන්දු කිසිවක් අපේ පක්ෂ දන්නේ නැහැ. එම නිසා අපේ පක්ෂවලට ද පක්ෂ නායක රැස්වීමට එමට අවස්ථාව ලබා දෙන්න.
මන්ත්‍රී වාසුදේව නානායක්කාර –
මා නියෝජනය කරන උත්තර සභාගයට ද පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන්න.
සභානායකවරයා පවසා සිටියා කථානායකවරයාගේ අවසර තිබේ නම් ගැටලුවක් නැහැ කියලා. මේ අවස්ථාවේ අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාත් ඉන්නවා. එම නිසා සභානායකවරයාගෙත් අනුමැතිය ඇතිව අපිට පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙන්න අවසරය දෙන්න කියලා ඉල්ලා සිටිනවා . පෙරේදා සභාව දෙපාරක් කල් තැබුවා. සාකච්ඡාවක් කරන්න තිබුණා ගණ පූරණය නැතුව හරි සභාව පවත්වාගෙන යනවා කියලා. එම නිසා අපිට මේ සඳහා අවස්ථාවක් ලබා දෙන්න.
-Dinamina