Tuesday, November 04, 2025
Follow Us
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි
දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
 
අද පැවැති පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී අමාත්යවරයා විසින් එක්කරන ලද සංශෝධන මෙන්ම විපක්ෂය විසින් ගෙනෙන ලද ඇතැම් සංශෝධන ද එක් කිරීම සිදුවිය.
 
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින පැවැත්විණි.