Monday, July 07, 2025
Follow Us
සජිත්ට TNA සහාය ලැබෙන බව රනිල් තහවුරු කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සංධානයේ ස්ථාවරත්වය ප්‍රකාශ කරනු ඇතැයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවේ දී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය පිළිබඳව විමසූ අවස්ථාවේ දී මෙම කතාබහ සිදුවී තිබෙන බවද වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන විසි එක් වන දා එළිදැක්වීමට නියමිතය.

(Lanka Leads)