මීට වසරකට පෙර මේ රටේ කිසිඳු නීතියක් ක්‍රියාත්මක නොවූ බවත් එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
රත්නපුර නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (11) සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
" 2018 වසරේ මෙම උසාවි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ එවකට සිටි අධිකරණ ඇමතිවරිය වූ තළතා අතුකෝරළ මහත්මියයි. වසර 05ක් ගතවීමෙන් පසු අද මෙම අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට හැකිව තිබෙනවා.
රටේ දූෂණය වැළැක්වීම සඳහා නව පනත් 30කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේදී නීතිගරුක රටක් ඇති කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ සිහිපත් කරනවා."