Wednesday, November 05, 2025
Follow Us
කිසිදු ගීතයක් වාරණය කර නැහැ- ජනමාධ්‍ය ඇමැති

තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ''කොබෙයියනේ වරෙල්ලා ''ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ගීතය වාරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාත්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
ඉතිහාසයේ විටින් විට ගුවන්විදුලිය මගින් ගීත වාරණය කර තිබෙනවා. බුද්ධිමය දේපළ නීතිය පාලනය වන්නේ වෙළෙඳ අමාත්‍යංශය යටතේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර එම නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු කරනවා.

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, NSBM පෞද්ගලික විශ්ව විද්‍යාලය හා සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය විශේෂ වැඩසටහනක් සිදු කරන බවයි. එම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ප්‍රාදේශීය ගුවන් විදුලියක් වන රුහුණු සේවය වසා දැමීමට සිදු නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.