Wednesday, November 05, 2025
Follow Us
ඇතැම් කණ්ඩායම් රට තුළ යළි ජාතිවදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කරන්න හදනවා

ඇතැම් කණ්ඩායම් රට තුළ නැවත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගුවන් ප්‍රවාහන සංශෝධන පනත පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ද මෙරට ආරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවත් එය දේශීය සහ ජාත්‍යන්තරව ද ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඔවුන්ගේ දේශපාලනය හා ආර්ථිකය රඳා පවතින්නේ එවැනි ප්‍රශ්න ඇති කිරීමෙන් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ,‍
1977 අංක 8 දරණ උදර්පන නීතියට සංශෝධන එකතු කරන දවසක්. ඒ ගැසට් පත්‍රය අනුමත කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. සමහර අපරාධ කරන පුද්ගලයන් එය කරලා පිට රටවල් වලට ගිහින් සැගවිලා ඉන්නවා. මත්ද්‍රව්‍ය, වංචා, දූෂණ කරන අය එලෙස පිට රටවලට ලැන ගොස් සිටිනවා . මේ උදර්පන නීතිය නිසා අපිට පිට රටවල්වල ඉන්න අය ගෙන්නව ගන්න බැරි වෙනවා. අපේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අලුත් නීති ගෙන එමින්, එවා වෙනස් කරමින් කටයුතු කරන්න ඕන. 1950 තිබුණ තත්ත්වය, 70 තිබුණ තත්ත්වය, 2000 තිබුණ තත්ත්වය වර්ෂයෙන් වර්ෂයට කාලයෙන් කාලයට වෙනස් වෙන කොට එම නීති සංශෝධනය කළ යුතුයි. අපේ රට තුළ ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නයක් නැහැ. යම් යම් කණ්ඩායම්වලට අවශ්‍ය වෙලා තිබෙනවා ජාතිවාදී ප්‍රශ්න ගොඩනගන්න.