Wednesday, November 05, 2025
Follow Us
මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවට ආණ්ඩුව වගකිව යුතුයි

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන ගැටලුකාරීත්වයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ඊයේ(27) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ණය අර්බුදය පිළිබඳ විනිවිදභාවයකින් ජනතාව සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුව ජනතාවට කොළේ වහලා ගහනවා. අවසානයේ වන්දි ගෙවන්නට වෙන්නේ ජනතාවට. සමෘද්ධි ව්‍යාපාරයේ අඩුපාඩු නිවැරදි කිරීම වෙනමම ක්‍රියාවලියක්. ජනතාව පීඩාවට පත්කරන දුෂ්ට ක්‍රම වහාම නවත්වන ලෙස ආණ්ඩුවට බල කරනවා. එසේ නොවුණහොත් සියලු පිරිස් ඒකරාශි කර ගෙන ආණ්ඩුව පලවා හැරීමට ක්‍රියා කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහි දී අවධාරණය කළේය.