පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනතට සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව එම පනත් දෙක අද සිට බලාත්මක වේ. ආදායම් සහ වියදම් පිළිබඳ ස්වාධීන, පක්ෂග්‍රාහි නොවන ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණයක් හා දැක්මක් සහිතව සිය රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමට පාර්ලිමේන්තුවට සහාය වීම මෙන්ම යම් පිළිගත් දේශපාලන පක්ෂයකට සහ යම් ස්වාධීන කණ්ඩායමට සහාය වීමත් අරමුණු කරගනිමින් මේ අයවැය කාර්යාලය පිහිටුවීම සිදු කෙරේ.
මේ අනුව 2023 අංක 6 දරන අයවැය කාර්යාලය පනත සහ 2023 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස මේ පනත් දෙක බලාත්මක වේ. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද සහභාගි වූහ.