පසුගියදා දිවයින පුරා සිදුකරන ලද හදිසි වැටලීම් සහ විමර්ශන වලින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල දෛනිකව සිදුවන මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒවාට සම්බන්ධ පිරිස් සම්බන්ධව නීත්‍යානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනමින් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වයඹ පළාත සඳහා ලංගම බස්රථ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අත්හදා බැලීමක් ලෙස දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථ වල කොන්දොස්තරවරුන් නොමැතිව, ගමන ආරම්භයේ දී ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට රු.580000ක පමණ අමතර ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි ක්‍රියාමාර්ග තවදුරටත් විධිමත් කරමින් ඩිජිටල් ක්‍රමවේදයකට පරිවර්තනය වීම තුළින් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවිය හැකි බව තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.
ඒ වෙනුවෙන් සියලුම කාර්ය මණ්ඩලට නිරන්තරයෙන් කැපවී කටයුතු කරන ඉල්ලා සිටි ඒ් මහතා ජාතිය සතු මෙම ආයතනය රැක ගැනීමේ වගකීම ඔබ සැමටම පැවරෙන බව ද ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.