Wednesday, November 05, 2025
Follow Us
මහජන උපයෝගීතා කොමිසමට අලුත් ලොක්කෙක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ  සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ (22)රැස්විය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් කිරීමට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පසුගියදා යෝජනා කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා පසුගියදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.

ඔහු එම තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය.

-Lankadeepa