Wednesday, November 05, 2025
Follow Us
අස්වැසුම වැඩසටහනින් ඉවත් නොකරන පිරිස

අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම අනිවාර්යයෙන් ම සිදුකරන බවත්, අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වූ අය කිසිලෙසකින් ඉවත් නොකරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.


IMF ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන්ගේ ආරක්ෂාවට මෙම සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙන බව පැවසූ ඔහු, එය පළල් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දී ඇති බවද සඳහන් කළේය. පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභින් සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීම වැඩසටහනේ අරමුණ බවද, අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වී නොමැති බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ, අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරු කිහිප දෙනෙකු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමිනි.