MOP පොහොරවල (බණ්ඩි පොහොර) කිසිඳු හිඟයක් නොමැති බවත් එසේ හිඟයක් පවතිනවා නම් දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. MOP පොහොර හිඟයක් සම්බන්ධව අද (20) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
MOP පොහොර (බණ්ඩි පොහොර) මිල 4500 ක් අඩුකර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර පවතිද්දී පොහොර නැති බව පවසන නිලධාරින් සිටිනවා නම් ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
යූරියා පොහොරවල පමණක් පොලොන්නරුවේ යම් හිඟයක් පැවතුන ද එය ගොවිජන සේවාවලින් ඉල්ලීම් කිරීමේ ප්‍රමාදයක් නිසා සිදු වූ බවත් අද වන විට රට පුරා යූරියා පොහොර පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
මේ වන විට මඩ පොහොර නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර ඇති අතර යූරියා 9,000 දක්වා අඩු කර MOP පොහොර මිල ද 4500 ක් දක්වා අඩු කර ඇති බවත් පොහොරවල කිසිදු හිඟයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.