දීර්ඝකාලීනව මේ රටේ පවතින අලිමිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කරමින් පවතින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධවත් ජාත්‍යන්තර පරිසර සත්ත්වවේදීන්ගේ සංවිධාන ද සමඟ කටයුතු කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ මේ සඳහා ගත යුතු කෙටිකාලීන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය පිළිබඳ අමාත්‍යාංශයක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.