ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට අවධානය යොමු කළ අමාත්‍යවරයා වැටුප් විෂමතා, බඳවාගැනීම් පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් පිළිබඳව නිලධාරීන් විසින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට දිය යුතු ප්‍රමුඛතාවන් පිළිබඳව අදහස් දැක්විය.
කමිටුවේ මේ දක්වා සිදු කර ඇති කාර්ය ප්‍රගතිය සමාලෝචනය කළ අමාත්‍යවරයා මූලික ගැටලු නිරාකරණය සඳහා කෙටිකාලීන විසඳුම් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැන්වී ය.