රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිඟ ගාස්තුව රු. මිලියන 265.50 ක් බව වාර්තා වී තිබේ.
කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමඟ ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී (කෝපා) අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.
මෙහි දී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බව ද අනාවරණය විය.
මෙහි දී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනා ගැණුනි.
මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.
පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබාදී ඇති බවයි.