රට බේරා ගැනීම සඳහා ලැබී ඇති අවසන් අවස්ථාව මෙය බවත්, ඒ සඳහා ඇති අන්තිම බස් එක වන 'ගෝඨා බස් එක' මිස්කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මහියංගනය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශ විවේචනය කරමින් ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ ජනාධිපතිවරණය යනු මහ පාරේ සිටින ට්‍රැෆික් පොලීසිය හෝ රෑට මුර කරන මුරකාරයෙකු හෝ තෝරා ගන්නා ඡන්දයක් නොවන බවයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මහ පාරේ සිටින බවත්, එලිවෙලතුරු නොනිදා වැඩ කරන බවත් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා පසුගිය කාලයේදී විවිධ විකාර නැටූ බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ ඔහු පාරේ යනවිට කොල්ලන් වොලිබෝල් ගහනවා දුටුවහොත් ඔවුන් සමග වොලිබෝල් ද ගැසූ බවයි. අවසානයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ඔහු සිදු නොකළේ ජිල්බෝල ගැසීම පමණක් බවයි ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ.
(LNW)