නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ඊයේ (06) පිළිගැන්විණි.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ, සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා විසින් නියෝජ්‍ය කථානායකවරයාට මෙම වාර්තාව පිළිගන්වන ලදී.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව වන මෙහි එම කාරක සභාවල කාර්ය සටහන් අන්තර්ගතවේ. නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙම වාර්තාව හෙට (08) පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිතය.