Friday, May 09, 2025
Follow Us
ගුවන් යානා ගොඩබෑමේ ගාස්තුව 50%කින් අඩු කිරීමේ තීරණයක්

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.