Thursday, March 19, 2026
Follow Us
’’ලිපිගොනු ඇරියට ඔක්කොම බදු ගෙවන්න ඕනෑ නැහැ’’

බදු ලිපිගොනු විවෘත කළ පලියට සියලු දෙනා බදු ගෙවිය යුතු නැතැයි සභානායක අධ්‍යාපන ආචාර්ය  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

බදු ගෙවිය යුතු පිරිසක් බදු ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින්නේ යැයිද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය

"ලංකාවේ බදු ගෙවන්නේ බදු ගෙවන්න ඕනි අයගෙන් බොහොම සුළු පිරිසක්. ලිපිගොනු ඇරියා කියලා ඔක්කොම බදු ගෙවන්න ඕනි නෑ. හැබැයි ලිපිගොනුව ඇරියාම අපි දන්නවා කොච්චරක්ද මේ නෙට් එකේ ඉන්නේ  කියලා. එහෙම නැත්තං වෙන්නේ  බදු ගෙවිය යුතු පිරිස් බදු ගෙවන එක පැහැර හරින ඒකයි.  රජ කාලේ ඉඳලම රටේ බදුවලින් එන ආදායමෙන් තමයි සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙ."

Lankadeepa