එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධ තීරණාත්මක විශේෂ රැස්වීමක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එජාප ජ්‍යේෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී මෙතෙක් සිදු කළ ප්‍රචාරණ කටයුතු පිළිබඳව සම්පූර්ණ සමාලෝචනයක් ද සිදු කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ අතර කථානායක කරූ ජයසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද ඊයේ (14) පැවැත්වී තිබිණි. එහිදී ද ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා විය.
කෙසේවෙතත් ඉල්ලීම් ගලාගෙන පැමිණියත් කථානායක තනතුර යනු ස්වාධීන එකක් බැවින් එම තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් මැතිවරණ ප්‍රචාරණ වේදිකාවලට ගොඩනොවීමේ තීරණයක් තමන් ගෙන ඇති බවයි කරූ ජයසූරිය මහතා ලංකා නිව්ස් වෙබ් වෙත පැවසුවේ.
(LNW)