Sunday, May 12, 2024
Follow Us
ශ්‍රීලනිප බහුතරයකගේ ඡන්දේ පොහොට්ටුවට නෑ

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදෙනු ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි.

පවතින දේශපාලන වාතාවරණය යටතේ තමාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමෙී මාධ්‍ය හමුවක දී කුමාර වෙල්ගම මහතා මෙී අදහස් පළ කළේය .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා පිරිසක් පක්ෂයට කළ මෙි අකටයුත්ත රට පුරා සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අනුමත කරන්නේ නැහැ. මේ අය උත්සාහ කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින් ම විනාශකර දැමීමටයි. නමුත් ඒකට අපි ඉඩදෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නායකයන් යැයි කියා ගන්නා පිරිස පක්ෂයට කළ විනාශයෙන් පසු රටේ හැම පැත්තෙම ඉන්න පාක්ෂිකයන් කතා කර පක්ෂයට සිදුවන මෙි විපතින් බේරාගන්න කියා කියනවා යැයි වෙල්ගම මහතා වැඩිදුරටත් කීය. නොවැම්බර් 17 දායින් පසුත් මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩි ලෑල්ල උස්සාගෙන යන්න ලෑස්ති වෙයි. නමුත් අපි ඒකට ඉඩදෙන්නෙ නැහැ. මුළු රටේ ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකතුවෙලා ඩාලිපාරේ බලය අරන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය අතට ගන්නවා.

කුමාර වෙල්ගම ළඟ ඩීල් නැහැ. ඩීල් දාන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, පොහෙටේටුවේත් ඉන්නවා.

මම කෙලින් ඉන්නවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම සහායක් දෙන්නේ නැහැ. ඒ වගේම හංසයට සහාය දෙන්නේත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් මෙි මැතිවරණයෙ දී ස්වාධීනව ඉන්නවා. වෙල්ගම මහතා කියයි.

මේ තරම් කැපිලි ,කෙටිලි, කෙනහිළිකම් තිබියදීත් ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන්ගේ ස්වාධීන මතය පෙන්වල තියෙනවා. මම ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරනවා.

මේ ජනාධිපති මැතිවරණයෙ දී මම ඇප බැන්දේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන්. ස්වාධීනව අැප බැන්දා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැතිනම් ඒ අවස්ථාව මට දෙයි කියල මම හිතුව. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා අය ඒ සඳහා අවස්ථාව ලබාදුන්නේ නැහැ. එහෙම වුණත් මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතරමං කරන්නෙ නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාල යන්නේත් නැහැ. මැරෙන්නෙත් ශ්‍රී ලංකා කාරයෙක් විධිහටයි. මැරිච්ච දවසට පෙටිටියට උඩින් නිල් පාට රෙද්දක් දාන්න කියා මගේ ගෙදර අයට කියා තියෙනවා.

ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, එක්නැළිගොඩ වගේ අයට සිදුවු දේවල් අනුව මටත් බයක් තියෙනවා. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයන් වෙනුවෙන් මැරෙන්න බය නැහැ.

(Dinamina)