Saturday, May 11, 2024
Follow Us
අබ්දුල් රාසික්ගෙන් පොහොට්ටුව කිසිම සහයක් අරගෙන නෑ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභල ඇමතිවරුන් පිරිසක් සහය දැක්වීම සඳහා වේදිකාවට ගොඩ වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දේශපාල පක්ෂ රැසක් ඉදිරියේදී එකතු වන බව පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ගේ කිසිදු සහයක් පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

(Aruna)