Sunday, May 12, 2024
Follow Us
රට නැවත සුරක්ෂිත කරනවා – ගෝඨාභය ගල්ගමුවේදී කියයි

වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊෙය්(14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ මහව දිගන ක්‍රීඩාංගනයේදීයි.

මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ආසන රැස්වීමද අද පස්වරුවේ නිකවැරටිය සතිපොළ භූමියේදී පැවැත්වුණි.

මේ අතර හිරියාල ආසනයේ සංවිධාන කළ තවත් ජන රැළියක් ඊෙය් පස්වරුවේ මැල්සිරිපුර නගරයේදී පැවැති අතර ඊට ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණි.

(Lanka Leads)