Sunday, May 11, 2025
Follow Us
බදු සම්බන්ධ නඩු ඇසීමටත් වෙනම අධිකරණයක්

බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට ඇඳී ඇඳී පවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

එමෙන්ම බදු කටයුතු සඳහා පවතින නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් , බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය .

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකසා ඇති බවත් එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.