Sunday, May 11, 2025
Follow Us
අවසර ලැබුණොත් කෙටි කාලයකින් ගුරුවරුන් බඳවා ගන්වා- අධ්‍යාපන ඇමැති

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත අත්හිටුවූ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීමේ විභාගය නැවත පැවැත්වීමේ අවසරය ලබාගැනීමට නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අපේක්ෂා‌ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඒ් මහතා ප්‍රකාශ කළේ අදාළ අවසරය හිමි වුව හොත් කෙටි කාලයක් තුළ අදාළ විභාගය පවත්වා ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු කරන බවයි.