Saturday, July 27, 2024
Follow Us
අද දිනයේදීත් පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (25) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා මවිශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව, ප.ව. 12.30 සිට ප.ව. 5.00 දක්වා,

(i) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය,
(ii) 2004 අංක 11 දරන මුදල් පනත යටතේ නියෝග,
(iii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝගය,
(iv) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග සහ
(v) ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර, 2023 පෙබරවාරි 03 දින ඇතිකර ගත් ගිවිසුම අනුමත කිරීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.