Wednesday, November 05, 2025
Follow Us
මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩි කර නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩි කර නොමැති බවත් එය අසත්‍ය බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසීය.

එය පත්තරවල පුවතක් පමණක් බවත් එය අසත්‍ය බවත් කී නියෝජ්‍ය කතානායකවරයා, ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ සිදුව නොමැති බව පැවසීය.