Wednesday, November 05, 2025
Follow Us
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව අනුමත කිරීම අද

අද (24) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 7 වගන්තිය යටතේ එකී කොමිෂන් සභාවේ තත්කාලීන සභාපති ධුරය හා සාමාජිකත්වය දරන ජේ.ඩබ්ලිව්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව අනුමත කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.