Thursday, April 25, 2024
Follow Us
රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති වාර්තාවක් ජනපතිට- මුදල් රාජ්‍ය ඇමැති

රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළඹෙන ජුනි පළමු දිනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම ප්‍රතිපත්ති මාලාව ඔස්සේ ,රට නගා සිටුවීමේ ගමනට ශක්තිමත් අඩිතාලමක් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ශක්තිමත් රාජ්‍ය මුල්‍යයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන්කළේය.

කවුරු මෙම වගකීම ගත්තත් රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය එකම ගමනක් යන විදියට සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති මෙම වාර්තාවෙන් එළි දක්වනවා. නොසෙල්වන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබීම අත්‍යාවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා නීති යාවත්කාළීන කිරීමට.ශක්තිමත් දීර්ග කාළීන විසඳුම් ගෙන ඒමට නීති වෙනස් කිරිමටයි.

තවද මෙම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළයුතු දින වකවානුද දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම අනුව නිෂ්චිත දින වකවානු සමග මෙම වාර්තාව ඉදිරිපත් කරන බව හෙතෙම කීය

බදු නියමයන් හතක් පිළිබඳ විවාදය අද (23) ආරම්භ වූ අතර එය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ආරම්භ කළේ ය. ඒ අනුව, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග, නිෂ්පාදන බදු ( විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය, සුරා බදු ආඥාපනත යටතේ නිවේදනය,දුම් කොළ බදු ( සංශෝධන ) පනත යටතේ නියෝග,මුද්දර ගාස්තු ( විශේෂ විධි විධාන ) පනත යටතේ නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා වි­­­නිමය කොමිෂන් සභා පනත යටතේ නියමය,මුදල් පනත යටතේ නියෝගය විවාදයට ගැණිනි.

මීට පෙර පැනවූ බදු බවත් අලුතෙන් කිසිදු බද්දක් පැනවිමක් මෙයින් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විවාදය ආරම්භ කරමින් පැවසීය.

පසුගිය අයවැයේදී අවුරුදු 18ටවැඩි සියළු දෙනාට බදු ලිපිගොනුවක් විවෘත කරන්න කිව්වා. ඔවුන්ට පළමු අදියරේදී බදු ලිපි ගොනුවක් හඳුන්වා දෙන්න අපි සූදානම් වෙනවා. උදාහරණයක් ලෙස වෛද්‍යවරු,, උපකාරක පන්ති ගුරුවරු වගේ අය. බදු පදනම පුළුල් කිරීම තමයි අපේ බලාපොරොත්තුව.එවිට දැනට බදු ගෙවන්නන්ගේ තිබෙන පීඩනය අවම කරන් අපට පුළුවන් වෙනවා.