Friday, April 19, 2024
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (23) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා,
(i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම,
(ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය,
(iv) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,
(v) දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ නියෝග,
(vi) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය,
(vii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියමය සහ
(viii) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය විවාදය ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.