Thursday, March 28, 2024
Follow Us
එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළිදකී

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්විණි.

ඒ, මහා සංඝ රත්නය, දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ සංශෝධිත ව්‍යවස්ථා කෙටුම්පත සහ පක්ෂ නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද මෙහිදී සිදු විය. ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණු පක්ෂයේ නායකයා ලෙස පත් වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකයි. පක්ෂයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සහ ප්‍රධාන ලේකම් ලෙස බන්දුල චන්ද්‍රසේකර පත්වුනා.

ජාතික සංවිධායකවරයා වන්නේ ඉංජිනේරු සුමේද රත්නායකයි. වරලත් ගණකාධිකාරී සුනිල් පෙරේරා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පත්වුනා. ජනරජ පෙරමුණු පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස පත්වුනේ දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලකයි.