Friday, May 09, 2025
Follow Us
24 නාවොත් වැඩ වරදී

ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම එදින පැවැත්වීමට නියමිතය.

එම ඡන්ද විමසීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් උපරිම ලෙස සහභාගී කරවීමේ අරමුණෙන් මේ තීරණය ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.

එදින නොයන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත

මේ කාලසීමාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන්ද තහනම් කර ඇත.

 

Lankadeepa